චීන ජනාධිපතිවරයා ලෝක සුබ සෙත වෙනුවෙන් බාලී හිදී දැක්වූ අදහස් ජගත් අවධානයට
2022-11-16 20:47:34
Share with:

ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුව ඉන්දුනීසියාවේ බාලී දූපතේ දී අද(16) සන්ධ්‍යාවේ නිමා විය. එම සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, ‘සංවර්ධනය’ යන වචනය ප්‍රමුඛ කර ගනිමින් වැදගත් දේශන සිදු කළේය. ජී20 සාමාජිකයින් වඩාත් සහයෝගතා, වඩාත් පොදු වාසී දිනා ගන්නා, වඩාත් ශක්තිමත් ගෝලීය සංවර්ධනයක් ඉදිරියට මෙහෙයවිය යුතු බවට ඔහු එහිදී යෝජනා  කළේය. එම යෝජනා පුළුල් පිළිගැනීමට ලක්විය.

ජී20 කණ්ඩායම ජාත්‍යන්තර ආර්ථික සහයෝගතාවේ වැදගත් සාකච්ඡා සංසදයකි. ලොව ප්‍රධාන සංවර්ධිත ආර්ථිකයන් හා නැගී එන ආර්ථිකයින් ඊට අයත් වෙයි. වසර 2013නේ සිට ෂී ජින්පිං ජනාධිපතිවරයා අඛණ්ඩව ජී20 කණ්ඩායමේ නායකයින්ගේ සමුළුවලට එක්වීම හෝ එහි මුලසුන දැරීම සිදු කළේය. ජී20 කණ්ඩායමේ සහයෝගතා ප්‍රවර්ධනය කිරීම හා ජාත්‍යන්තර සාර්ව ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය පිළිබඳව එවන් අවස්ථාවල ඔහු චීනයේ ස්ථාවරයන් පැහැදිලි කළේය. 

ජී20 කණ්ඩායමේ සාමාජිකයින් සියල්ලම ගෝලීය වශයෙන් හෝ කලාපීය වශයෙන් හෝ වැඩි බලපෑම් ශක්තිය ඇති රටවල් බව මෙවර බාලී සමුළුවේදී, ෂී ජින්පිං මහතා කියා සිටියේය. දැවැන්ත රටවල් නම්, දැවැන්ත රටවල වගකීම් භාර ගෙන විවිධ රටවල පොදු සංවර්ධනය වෙනුවෙනුත් මානවයන්ගේ සුබසාධන වෙනුවෙනුත් ලෝකයේ දියුණුව වෙනුවෙනුත් ප්‍රමුඛ කාර්යභාර ඉටු කළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ.

සංවර්ධනය, සියළු ගැටළු විසඳීමට කේන්ද්‍රීය සාධකයක් වන අතර එය ගෝලීය ආර්ථික පුනර්ජීවනයේ මුඛ්‍ය බලය වේ. වත්මන් තත්ත්වය හමුවේ මානවයන්ට කුමන සංවර්ධනයක් අවශ්‍ය ද කියා ප්‍රශ්ණයක් මතු වී තිබේ.  ‘වඩාත් සහයෝගතා, වඩාත් පොදු වාසී දිනා ගන්නා, වඩාත් ශක්තිමත් ගෝලීය සංවර්ධනයක්’ පිළිබඳව ෂී ජින්පිං ජනාධිපතිවරයා මෙවර බාලී සමුළුවේදී ඉදිරිපත් කළ ස්ථාවරයන්, ඉතා කාලෝචිත මෙන් වැදගත් බව ජගත් මාධ්‍යවල අදහස වී තිබේ. ‘ලෝකයට සිදුවූයේ කුමක් ද? අප සිදු කළ යුත්තේ කවරක්ද’ ඇතුළු මෙම යුගයට අනන්‍ය මාතෘකා වෙනුවෙන් ඔහු චීන බුද්ධිය කැප කර තිබෙන බව ද සඳහන් වේ. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම