ගෝලීය ආර්ථික අභියෝගයන්ට මුහුණදීම සඳහා සහයෝගතා පැවැත්වීමට G20 කණ්ඩා‍යමෙන් යළි ප්‍රතිඥා
2022-11-16 18:26:17
Share with:

ගෝලීය ආර්ථික අභියෝගයන්ට මුහුණදීම සඳහා සහයෝගතා පැවැත්වීමට  G20 කණ්ඩා‍යමේ නායකයින්ගේ 17වන සමුළුව යළි ප්‍රතිඥා දෙයි. දින දෙකක් පුරා පැවති සමුළුවෙන් පසු අනුමත කෙ‍රුණු ප්‍රකාශනයෙන් ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය, ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම හා ශක්තිමත්, හිතකර, තුලනාත්මක හා  සමස්ත වර්ධනයක් වෙනුවන් සහයෝගතා පැවැත්වීමේ වැදගත්කම G20 නායකයන් විසින් අවධාරණය කර තිබේ. සංවර්ධනය වෙමින්  පවතින රටවලට සහයෝගය පළ කරන එම කණ්ඩායම විශේෂයෙන් ඌණ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම හා සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට සහාය වන බව කියා සිටී. 

ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුව අද(16) පස්වරුවේ නිමාවට පත්විය.  ඉන්දියාව එහි වාරික සභාපතිත්වය භාර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම