තායිවාන ප්‍රශ්නය විසඳීමට චීන ස්‍වදේශිකයන් නොවන අයට මැදිහත්වීමට ඉ‍ඩ නොදිය යුතු බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය පවසයි
2022-11-16 19:57:38
Share with:

බෙදුම්වාදය පරාජයවීම ඒකාන්ත බවත් තායිවාන ප්‍රශ්නය විසඳීමට චීන ස්‍වදේශිකයන් නොවන අයට මැදිහත්වීමට ඉ‍ඩ නොදිය යුතු බවත් චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය ප්‍රකාශ කරයි.

එම කාර්යාලයේ ප්‍රකාශක මා ෂියාඕගුවන් මහතා අද(16) පැවති මාධ්‍ය හමුවකදී තායිවාන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය වෙත එවන් ස්ථාවරයක් දැක්වීය. 

සාමකාමී මාර්ගයෙන් රට එක්සත් කිරීම සඳහා මව්බිම  ඉහළම උනන්දුවකින් හා කැපවීමකින් සිටින අතර ඒ සඳහා උපරිම උත්සාහයන් දැරීමට කැමති බව ද ඔහු කීය. එහෙත්,ගස් නිසොල්මනේ සිටීමට කැමති වුවද සුළඟ පැමිණෙයි. එබැවින් හමුදා බලය ‍යොදා නොගන්නා බවට චීනයට පොරොන්දු විය නොහැකිය. එවන් ප්‍රකාශය හෝ එවන් පියවර ‘තායිවාන බෙදුම්වාදීන්’ට, බෙදුම්වාදී ක්‍රියාවන්ට හා ඒ සඳහා සහාය වන විදේශ බලවේගයින්ට එරෙහිව මිස, බහුතර තායිවාන ස්වදේශිකයින්ට නොවන බව ද මා ෂියාඕගුවන් මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම