2024 ඇමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා තමන් ඉදිරිපත් වන බව Donald Trump මහතා ප්‍රකාශ කරයි
2022-11-16 11:14:31
Share with:

2024 ඇමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා තමන් ඉදිරිපත් වන බව හිටපු ඇමෙරිකානු ජනාධිපති Donald Trump මහතා නිල වශයෙන් ප්‍රකාශ කරයි. හෙතෙම ඊයේ (15) Mar-a-Lago හිදී දේශනයක් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

Donald Trump මහතා සිය දේශනයෙන් ඔහුගේ පරිපාලනයේ "ජයග්‍රහණ" සිහිපත් කළේය. එසේම, ඇමරිකාවේ උද්ධමනය සහ බලශක්ති ගැටළු සම්බන්ධයෙන් ‍හෙතෙම Joe Biden මහතාගේ පරිපාලනය දෝෂ දර්ශනයට ලක් කළේ ය.

Donald Trump මහතා රිපබ්ලිකන් පක්ෂය තුළ ෆ්ලොරිඩා ආණ්ඩුකාර Ron DeSantis මහතා සමඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්ව තරඟයකට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම