රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් චීන හා ලක්සම්බර්ග් රාජ්‍ය නායකයන් ගෙන් සුබ පැතුම් ​
2022-11-16 16:48:00
Share with:

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ලක්සම්බර්ග්හි හෙන්රි මහා ආදිපාදවරයා සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති.

ගත වූ වසර 50 තුළ, දෙරට අඛණ්ඩ‍ව එකිනෙකාට ගරු කරමින් විශ්වසනීයත්වයෙන් ක්‍රියා කර ඇති  බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. ද්විපාර්ශ්වික සහයෝගිතා ඵලදායී මට්ටමක පවතී. ඒ අතර ‘ජෙංජෝ-ලක්සම්බර්ග් භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේද මාවත’ චීනය හා යුරෝපය සම්බන්ධ කරන අහස් පාලමක් බව ද හෙතෙම කියා සිටී. තමන් දෙර‍ට සබඳතාව ඉතාමත් වැදගත් කොට සලකන අතර හෙන්රි මහා ආදිපාදවරයා සමඟ එම සබඳතාව ප්‍රවර්ධනය කිරීම‍ට කැමැත්තෙන් පසුවන බව ෂී ජින්පිං මහතා සඳහන් කරයි.

අඩ සියවසක් තුළ, දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ජයග්‍රහණ ඉහළ මට්ටමක පවතින අතර දෙරට ජනතාව අතර මිත්‍රත්වය ගැඹුරු වෙමින් පවතින බව හෙන්රි මහා ආදිපාදවරයා පවසයි. චීනය සමඟ හුවමාරුව හා සහයෝගිතාව ප්‍රවර්ධනය කරමින් ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ලක්සම්බර්ග් රාජ්‍යය අපේක්ෂා කරන බව හෙතෙම අවධාරණය කරයි.

දෙරටේ අග්‍රාමාත්‍යවරු ද සුබපැතුම් හුවමාරු කර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම