චීන ජනපති හා ජපාන අගමැති අතර හමුවක් නුදු‍රේ දී
2022-11-16 18:33:26
Share with:

චීන ජනාධිපතිවරයා ජපාන අගමැතිවරයා සමඟ හමුවක් පවත්වනු ඇත.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(16) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.දෙරට පැවැත්වූ සාකච්ඡාවන්ට අනුව, තායිලන්තයේ බැංකෝක්හි දී පැවැත්වීමට නියමිත ආසියා ශන්තිකර කලාපීය ආර්ථීක සහයෝගිතා සංවිධානයේ 29 වන නායකයින්ගේ නිල නොවන රැස්වීමේදී එම හමුව සිදුවනු ඇත. එය චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජපාන අගමැති Fumio Kishida මහතා අතර ප්‍රථම නිල හමුවීම වනු ඇති අතර ඊට ඉහළ වැදගත්කමක් හිමිවන බව ඇය සඳහන් කළාය.

චීනය සහ ජපානය සාමය සහ මිත්‍රත්වය අනුගමනය කරමින් මතභේද නිසි ලෙස පාලනය කර නව යුගයේ අවශ්‍යතාවන්ට ගැලපෙන චීන-ජපාන සබඳතාවයක් පොදුවේ ගොඩනැගීම වැදගත් බව Mao Ning මහත්මිය එහිදී පැවසුවාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම