ඩිජිටල් ආර්ථීක සංවර්ධන ජයග්‍රහණයන් ගෙන් විවිධ රටවල ජනතාවට ප්‍රතිලාභ ගෙන දීමට ක්‍රියා කළ යුතු බව චීන ජනපති කියයි
2022-11-16 17:27:50
Share with:

ජී 20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුවට එක්වෙමින් චීන ජනාධිපතිවරයා යළි කතාවක් සිදු කරයි.

එම සමුළුව අද(16) ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී තවදුරටත් පැවැත්විණ. 

වර්තමානයේදී ඩිජිටල් ආර්ථීක පරිමාණය ව්‍යාප්ත වෙමින් ගෝලීය ඩිජිටල්කරණ ව්‍යුහයේ ප්‍රතිසංස්කරණය කඩිනම් වී ඇතැයි ද එය ලෝක ආර්ථික ව්‍යුහයට බලපෑම් එල්ල කරන ප්‍රධාන සාධකයක් වී ඇතැයි ද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ඩිජිටල් ආර්ථීක සංවර්ධන ජයග්‍රහණයන් ගෙන් විවිධ රටවල ජනතාවට ප්‍රතිලාභ ගෙන දීම සඳහා ඒ ඒ පාර්ශ්වයන් ඩිජිටල් සහයෝගීතාව දිරිමත් කළ හැකි යැයි අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය. 

මේ තුළදී බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් ජාත්‍යන්තර සහයෝගීතාව තහවුරු කළ යුතු ය. සංවර්ධනය, ප්‍රමුඛ ස්ථානයක තබා ඩිජිටල් තාක්ෂණ පරතරය අවම කළ යුතු ය. එමෙන්ම නවෝත්පාදනය මගින් පශ්චාත් වසංගත යුගයේ පුනරුත්ථාපනය ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම පවසා ඇත. 

ජී 20 කණ්ඩායමේ සාමාජිකයන් සමඟ අඛණ්ඩව සහයෝගීතා පවත්වමින් චීනය සමතුලිතතාවය, සම්බන්ධීකරණය සහ අවබෝධය මගින් පොදු ජයග්‍රහණ හිමිවන ගෝලීය ඩිජිටල් ආර්ථික ව්‍යුහයක් ගොඩනැගීමට කටයුතු කරන බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම