චීන හා රුසියානු විදේශ ඇමතිවරුන් අතර හමුවක්
2022-11-16 11:27:36
Share with:

චීන විදේශ අමාත්‍යවරයා රුසියා විදේශ අමාත්‍යවරයා හමුවෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා, ඊයේ(15) ඉන්දුනීසියාවේ Bali දුපතේ දී රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා හමු විය.

වං යී මහතා එහිදී පෙන්වා දුන්නේ, රුසියාව සමඟ, ඉහළ පෙළේ සම්බන්ධතා සහ ඒ ඒ ක්ෂේත්‍රවල අදහස් හුවමාරු මැනවින් පවත්වා ගැනීම හා ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමට, චීනය කැමැත්තෙන් සිටින බවයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ "සියලුම රටවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතුය යන්න ඇතුළු සිදුවිය යුතු කරුණු 4ක්" සහ "යුක්රේන අර්බුදය සාමකාමීව විසඳීමේ සියලු උත්සාහයන්ට ඒකාබද්ධ සහයෝගය දැක්වීම ඇතුළු පොදු කරුණු 4ක්" යන්න යුක්රේන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන මූලික මූලධර්මයයි. චීනය වෛෂයික සහ සාධාරණ ස්ථාවරයක් අඛණ්ඩව පවත්වාගෙන යන අතර, සාමය ප්‍රවර්ධනය කිරීමේදී සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද, වං යී මහතා සඳහන් කළේ ය.

ෂී ජින් පිං මහතා, ඒකමතිකව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා ලෙස නැවත තේරී පත් වීමෙන්, ඔහුගේ උසස් දේශපාලන කීර්තිය හා චීන ජනතාව ෂී ජින් පිං මහතා කෙරෙහි දක්වන ඉහළ විශ්වාසය සහ සහයෝගය, සම්පූර්ණයෙන්ම පිළිබිඹු වී ඇති බව, Sergey Lavrov මහතා සඳහන් කළේ ය.

දෙරට අතර ඉහළ පෙළේ හුවමාරු තහවුරු කිරීමට මෙන්ම, රුසියා-චීන පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩතාව පවත්වා ගැනීමට ද, රුසියාව කැමැත්තෙන් සි‍ටී. රුසියාව සෑමවිටම යුක්රේනය පිළිබඳ සාකච්ඡා සඳහා විවෘත බව, Sergey Lavrov මහතා එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම