චීන ජනාධිපතිවරයා හා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර හමුවක්
2022-11-16 19:16:42
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමු වේ.

එම හමුව අද(16) සන්ධ්‍යාවේ  බාලී දූපතේ දී සිදු විය. චීනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජගත් පද්ධති‍යේ ස්ථිර අනුබල දෙන්නෙකු බව ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය. ‍දැනට ගෝලීය වර්ධන ක්‍රියාදාම පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ පා ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවල්, විශේෂයෙන් අවදානම් සහගත රටවල් ඉන් බරපතල බලපෑමකට ලක්ව ඇත. සංවර්ධනය, ජගත් න්‍යාය පත්‍රයේ කේන්ද්‍රස්ථානයෙහි තබා ගෝලීය සංවර්ධන හවුල්කාරීත්වයක් ගොඩනැගිය යුතු බව චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි. සංවර්ධනයේ ජය, සෑම රටකට සෑම කෙනෙකුට වාසී ගෙනදීම සඳහා වඩාත් බලවත්, හරිත හා හිතකර ගෝලීය සංවර්ධනයක් ඉටුකිරීම ප්‍රවර්ධනය කළ යුතු යැයි ද ඔහු කීය.

චීනය ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රයට අනුකූල වන බවත් සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු සංවර්ධනය ප්‍රවර්ධනය අතින්, චීනය  දැරූ උත්සාහයන් අපමණ බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එහිදී ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එකම චීනය ප්‍රතිපත්තියෙහි එල්බ සිටින බව පැවසූ හෙතෙම, එම ප්‍රතිපත්තියට ගරු කළ යුතු යැයි ද සඳහන් කළේය. චීනය සමග සමීපව සහයෝගතා පැවැත්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කැමැත්තකි. ලෝක සාමය හා සංවර්ධනය වෙනුවෙන් චීනයට පෙරට වඩාත් වැදගත් කාර්යභාර ඉටු කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසා ඇත. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම