වඩාත් වැඩි ගෝලීය පොදු නිපැයුම් බිහිකළ යුතු බව චීන ජනපති කියයි
2022-11-16 11:38:37
Share with:

ඊයේ(15) ජී-20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුව ඉන්දුනීසියාවේ Bali දූපතේ දී ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී දේශනයක් කළේය. 2013 වසරේ සැප්තැම්බර් මාසයේ රුසියාවේ Saint Petersburg හි පැවති 8වන සමුළුවෙන් පසු හෙතෙම අඛණ්ඩ ව 10වැනි වතාවට මෙම සමුළුවට එක්වූ අවස්ථාව මෙයයි.

වර්තමානයේ, නව කොරොනා වසංගතය වරින් වර පැතිර යමින් පවතී. ලෝක ආර්ථිකයේ බිඳෙනසුලු භාවය කැපීපෙනේ. ගෝලීය පාලනය බරපතල ලෙස පිරිහීම, ආහාර හා බලශක්ති අර්බුද ඇතිවීම ඇතුළු තීව්‍ර අභියෝගයන් හමුවේ මෙවර සමුළුවේ තේමාව ‘ පොදුවේ පුනරුත්ථාපනය, සවිමත් පුනරුත්ථාපනය ’ ලෙසට නියම කර තිබේ.

ඊයේ(15) පෙරවරුවේ, මෙවර Bali දූපත් සමුළුව පළමු අදියරේ රැස්වීම පැවැත්විණ. ෂී ජින් පිං මහතා එහිදී ‘ යුගයේ අභියෝගයන් පොදුවේ පිළි ගෙන සුන්දර අනාගතය පොදුවේ ගොඩනැංවීම ’ යන මැයෙන් දේශනයක් පැවැත්වීය. ‘ සංවර්ධනය ’ විශේෂයෙන් සැලකිය යුතු අයුරෙන් අවධාරණය කෙරිණ. ඕනෑ ම කරුණකට වඩා සංවර්ධනය කෙරෙහි ඉහළ අවධාන‍යක් දැක්විය යුතු ය. සෑම රටකම ජනතාවට යහපත් ජීවිතයක් උරුම විය යුතු ය. නවීකරණය යම් රටකට පමණක් හිමි වරප්‍රසාදයක් නොවේ. ඉදිරියෙන් සිටින රටවල් සෙසු රටවලට අවංක ව සහාය දී වඩාත් වැඩි ගෝලීය පොදු නිපැයුම් බිහිකළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී යළි අවධාරණය කළේය.

මේ අතර, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවීමෙන් පසු, ඊයේ ෂී ජින් පිං මහතා මෙම සමුළුවට එක්ව සිටින විදේශ රටවල රාජ්‍ය නායකයන් 8දෙනෙකු හමුවිය. ද්විපාර්ශ්වික සබඳතාවන්ට සමගාමීව, බ්‍රිකස් සහයෝගිතා, චීන-අප්‍රිකානු සබඳතාව, චීන-යුරෝපා සබඳතාව පිළිබඳව ද ෂී ජින් පිං මහතා එම නායකයන් සමග පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම