අයවැයේ සමස්ත රාජ්‍ය වියදමින් රුපියල් කෝටි 85 200 ක් සමාජ සුභසාධනයට
2022-11-16 17:18:36
Share with:

ඉදිරි වසර සඳහා වන අයවැයේ සමස්ත රාජ්‍ය වියදමින් රුපියල් කෝටි 85 200 ක් සමාජ සුභසාධනයට වෙන් කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අයවැය දෙවන වර කියවීමේ විවාදයට පාර්ලිමේන්තුවේ දී ඊයේ(16) එක් වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ රජයේ වැඩසටහන යටතේ දැනටමත් පවුල් පන්ලක්ෂ 78 000 ක් සහනාධාර සඳහා අයදුම් කර තිබේ. සුදුස්සන් තෝරා ගැනීම ලබන ජනවාරි මාසයේ ආරම්භ කරන බවත් අප්‍රේල් මාසයේ සිට ආධාර ගෙවන බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

සමෘද්ධි දීමනා, වැඩිහිටි දීමනා, වකුගඩු දීමනා ආදි සහනාධාර වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ. සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති සහ වකුගඩු රෝගීන්ගේ දීමනා ලබන ප්‍රතිලාභීන්ට සහ ආර්ථික වශයෙන් බලපෑමට ලක්වූ පවුල් 7 ලක්ෂ 26 දහසකට දැනට ගෙවන දීමනා ඉහල නංවා තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම