චීනය හා කැනඩාවෙන් ඒකාබද්ධ ජෛව විවිධත්වය පිළිබඳ අමාත්‍යවරුන්ගේ රැස්වීමක්
2022-11-16 11:52:12
Share with:

චීනය හා කැනඩාව ඒකාබද්ධව ජෛව විවිධත්වය පිළිබඳ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් පවත්වයි.

ඊජිප්තුවේ දී “ජෛව විවිධත්වය පිළිබඳ අමාත්‍යවරුන් ගේ වැඩසටහන: COP15” වෙනුවෙන් එම රැස්වීම ඒකාබද්ධව පැවැත්විණ. ජෛව විවිධත්වය හීනවීමේ ප්‍රවණතාව මර්දනය කිරීම වෙනුවෙන් 2020 වසරෙන් පසු ගෝලීය ජෛව විවිධත්ව රාමුවේ වැදගත්කම අවධාරණය කිරීම හා එම සම්මුතිය සඳහා උත්සාහ දැරීම එහිදී අරමුණ විය.

COP15 සභාපතිත්වය දරන චීන‍යේ නියෝජිත, ‍ජෛව පරිසර පිළිබඳ උප ඇමති Zhao Yingmin මහතා එහිදී දේශනයක් පැවැත්වීය. පොදු සාකච්ඡාව, පොදු සංවර්ධනය ‍හා පොදු භාවිතය යන ගෝලීය පාලන සංක්ලපය සක්‍රීය ලෙස අනුගමනය කරමින් සැබෑ තත්ත්වය මත එම සම්මුතිය ක්‍රියාවට නංවන ලෙස චීනය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම සඳහන් කළේය. යුරෝපා සංගමය, චෙක් ජනරජය, ආජන්ටිනාව, බ්‍රසීලය, කොස්ටාරිකා, ජර්මනිය, ඊජිප්තුව, බ්‍රිතාන්‍යය, ගැබොන්, මලයාසියාව, ඉක්වදෝරය ඇතුළු සම්මුතියට එක්ව සිටින වැදගත් පාර්ශ්ව 30ක අමාත්‍ය මට්ටමේ නියෝජිතයෝ ඇතුළු ආරාධිත අමුත්තෝ ඊට සහභාගි වී වූහ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම