ජී 20 කණ්ඩායමේ නායකයින්ගේ කලත්‍රයන්ගේ ක්‍රියාකාරකම්වලට පන්ග් ලී යුවාන් මහත්මිය එක්වේ.




ඉන්දුනීසියානු ජනාධිපති ආර්යාව විසින් එම ක්‍රියාකාරකම් සංවිධාන කරන ලදි .
Iriana Jokowi ආර්යාව සමඟ, පන්ග් ලී යුවාන් මහත්මිය ඉන්දුනීසියානු සංගීත භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, වැල් ගෙත්තම්, එම්බ්‍රොයිඩර් සහ ජෛව ආහාර ප්‍රදර්ශන නැරඹීමට එක්වූවාය.ඊට අමතරව ඇය තල් කොළ ගෙත්තම් වැනි සාම්ප්‍රදායික ඉන්දුනීසියානු අත්කම් භාණ්ඩ නිර්මාණය කිරීමේ අවස්ථාවකට ද එක්වූවාය. ඉන්දුනීසියාව අත්කම් භාණ්ඩ නිර්මාණය පිළිබඳ කාන්තාවන්ගේ නිපුණතා වර්ධනය කර දරිද්‍රතාවය පිටුදැකීම සහ එරටේ පරිසරය සුරැකුම් චින්තනය පන්ග් ලී යුවාන් මහත්මිය ගේ ප්‍රසංසාවට ලක්විය. දෙරටේ අදාළ ක්ෂේත්‍ර, සහයෝගිතා තහවුරු කරමින් කලාපීය කර්මාන්ත මගින් දරිද්‍රතාවය පිටුදැකීම හා ජෛව සුරක්ෂිතභාවය සඳහා දායක විය හැකි බව ඇය පැවසුවාය.

