ලෝක ආහාර ආරක්ෂාවට චීනය ඉහළ අවධානය යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2022-11-15 18:34:33
Share with:

ලෝක ආහාර ආරක්ෂාවට චීනය ඉහළ අවධානය යොමු කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ජී20 රාමුව යටතේ චීනය ජාත්‍යන්තර ආහාර සුරක්ෂිතතා සහයෝගීතා යෝජනාවක් ඉදිරිපත් කළ අතර, විශාල භාණ්ඩ සහයෝගිතාව සහ ලෝක ආහාර සුරක්‍ෂිතතාව පවත්වා ගැනීම සඳහා‍ යෝජනා අටක් ඉදිරිපත් කර ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය.

මෑතකදී අවසන් වූ 25 වැනි චීන-ආසියාන් නායක රැස්වීමේදී, ආහාර සැපයුම,  හිමිකාරීත්වය, භාවිතය සහ ස්ථාවරත්වය පිළිබඳ සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් වැදගත් එකඟතාවකට එළඹ ඇත. සෙසු රටවල් සමඟ අඛණ්ඩව ලෝක සංවර්ධන යෝජනාව ප්‍රවර්ධනය කරමින් ආහාර සුරක්ෂිතතා සහ දරිද්‍රතාවය අවම කිරීමේ සහයෝගීතා ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම