චීන ජනපති දකුණු අප්‍රිකාවේ හා නෙදර්ලන්තයේ නායකයන් හමු වේ
2022-11-15 17:47:03
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා හමු වේ.

 එම හමුව අද(15) පස්වරුවේ බාලී දූපතේ දී සිදුවිය. දකුණු අප්‍රිකාව සමග රාජ්‍ය පාලන හා දේශපාලන අත්දැකීම් හුවමාරු පුළුල් කිරීමට කැමැත්තෙන් සිටින චීනය තම තත්ත්වයට ගැලපෙන නවීකරණ මාර්ගයක් ගවේෂණය කිරීමට එරටට සහාය වන බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. ‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’ හා ‘දකුණු අප්‍රිකානු ආර්ථික පුනර්ජීවන සැලැස්ම’ සමග සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් වෙළඳාම, ආයෝජනය, බලශක්තිය යනාදී ක්ෂේත්‍රවල සහයෝගතා ගැඹුරු කිරීමට කටයුතු කරනු ඇතැයි ද ඔහු පවසා ඇත. දකුණු අප්‍රිකාවේදී ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ එරටේ ආයෝජනය සිදු කිරීමට චීනය තම ව්‍යාපාරවලට දිරි ගන්වන අතර, දකුණු අප්‍රිකාවේ ගුණාත්මක නිෂ්පාදිත චීනයට ආනයනය කිරීම ව්‍යාප්ත කිරීමටත් පියවර ගනු ඇතැයි ද ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේය.

අනතුරුව චීන ජනාධිපතිවරයා නෙදර්ලන්ත අගමැති Mark Rutte මහතා ද හමු විය.

චීන නෙදර්ලන්ත සම්බන්ධතාවයේ වැදගත්ම අත්දැකීම වනුයේ විවෘතභාවය හා ප්‍රායෝගිකත්වය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙපාර්ශ්වය එය තව තවත් විදහා පාමින් උසස් පෙළේ හුවමාරු හා දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර ගනිමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ නිවැරදි දිශානතියට අනුගත ලෙස ඇසුරු කළ යුතු ය. අන්‍යෝන්‍ය වාසී හා පොදු ජය පිළිබඳ පදනම මත, කෘෂිකාර්මික, වාරි මාර්ග, බලශක්ති ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කරමින් විවෘත හා ප්‍රායෝගික ‘සම්පූර්ණ සහයෝගතා හවුල්කාරීත්වය’ වඩාත් විශාල ප්‍රගතිය ලබා ගැනීම ප්‍රවර්ධනය කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම