චීන ජනපති ඔස්ට්‍රේලියා හා දකුණු කොරියා නායකයන් හමුවෙයි
2022-11-15 19:09:42
Share with:

  

 චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා හමු වේ.

ද්විපාර්ශ්වික සම්බන්ධතාව යහපත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මෑතකදී දැක්වූ කැමැත්ත කෙරෙහි චීනය සැලකිල්ල දක්වන බව ෂී ජින්පිං මහතා එම හමුවේදී කියා සිටියේය. දෙපාර්ශ්වය අත්දැකීම් හා පාඩම් අධ්‍යයනය කරමින් දෙරටේ සම්බන්ධතාව විධිමත් මාර්ගයට ආපසු ගැනීමට පියවර ගනිමින් එය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම පිළිබඳව සාකච්ඡා කළ යුතු බව ඔහු අවධාරණය කර ඇත.

අනතුරුව චීන ජනාධිපතිවරයා දකුණු කොරියානු ජනාධිපති Yoon Seok-Youl මහතා ද හමු විය.

කලාපීය හා ලෝක සාමය සහ ලෝක සමෘද්ධිය සඳහා චීනය හා දකුණු කොරියාව වැදගත් වගකීමක් දරන අතර දෙරට අතර පුළුල් පොදු ප්‍රතිලාභයන් ද පවතින බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනම් කිරීමට‍ පොදුවේ පියවර ගත යුතු අතර, අධිනව තාක්ෂණික නිෂ්පාදනය, මහ දත්ත, හරිත ආර්ථිකය යන ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට හැකි බව ද ඔහු කීය. චීනය හා දකුණු කොරියාව එක්ව සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් කලාපීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ සුරැකිය යුතු බව ද ඔහු සඳහන් කළේය. 

එම හමු දෙකම අද(15) බාලී දූපතේ දී සිදු විය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම