චීන ජනපති ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුවේ පළමු අදියර අමතයි
2022-11-15 19:35:53
Share with:

ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුවේ පළමු අදියරේ රැස්වීම අද(15) පෙරවරුවේ බාලී දූපතේදී පැවැත්විණ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී දේශනයක් කළේ ය. ඉහළ සහයෝගතාවකින් යුතුව ‍ගෝලීය සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පෙන්වා දෙයි.නවීකරණය රටවල් කිහිපයකට සීමා වූ වරප්‍රසාදයක් නොවේ.ලොව ප්‍රමුඛපෙළේ රටවල්, සෙසු රටවලට අවංකවම සහාය විය යුතු අතර,  වැඩි වශයෙන් ගෝලීය පොදු නිෂ්පාදන සපයා දිය යුතු ය.

ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය සඳහා හවුල්කාරී සබඳතාවක් ගොඩනඟා ගැනීම, සංවර්ධනයේ ප්‍රමුඛතා අනුගමනය කිරීම, ජනතා කේන්ද්‍රීයභාවය යන කරුණු කෙරෙහි සෑමවිටම අවධානය යොමු කළ යුතුය.

දේශගුණ විපර්යාසයන්ට මුහුණ දෙමින් අව කාබන්  හරිත සංවර්ධන ව්‍යුහය ගොඩනැගීමේදී, පොදු මෙන්ම වෙනස් වගකීම් භාරගන්නා මූලධර්මය මත, මුදල්, තාක්ෂණ හා නිපුණතා යන ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය දිය යුතු බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. 

ආහාර හා බලශක්ති සම්පත් ගැටළු ගෝලීය සංවර්ධන ක්ෂේත්‍රයේ වඩාත් හදිසි අභියෝගයක් බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. විශාල භාණ්ඩ සහයෝගිතා හවුල්කාරි සබඳතාවක් ගොඩනැගිය යුතුය.

සාමකාමී හා සංවර්ධන මාවතේ ගමන් කිරීම, ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය පුළුල් කිරීම, චීන අනන්‍යතාවයෙන් යුතු නවීකරණයෙන් තම ජාතියේ පුනර්ජීවනය ප්‍රවර්ධනයට චීනය නොසැලී උරදෙනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය. එසේම, චීනයේ අඛණ්ඩ නවීකරණය  ලෝකයට වඩා අවස්ථා ලබාදෙනු ඇති බව ද ෂී ජින්පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම