වඩාත් ශක්තිමත් ගෝලීය සංවර්ධනයක් උදෙසා කැපවිය යුතු බව චීන ජනපති අවධාරණය කරයි
2022-11-15 16:43:32
Share with:

ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය සඳහා හවුල්කාරී සබඳතාවක් ගොඩනැගිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

අද(15) ඉන්දුනීසියාවේ බාලී දූපතේ පැවති ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුවේ පළමු අදියරේ රැස්වීමේදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආර්ථික ගෝලීයකරණය ප්‍රබල බාධාවන්ට මුහුණ දෙමින් ලෝක ආර්ථීකය දුර්වල වීමේ තර්ජනයට ලක්වී ඇති බව ඔහු එහිදී සඳහන් කළේය. ලෝක ආර්ථිකය අවපාතයේ අවදානමකට මුහුණ දී සිටින අතර සියලු දෙනාම දුෂ්කර කාලයකට මුහුණ පා සිටිති. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ඉන් දරුණු බලපෑම් එල්ල වී ඇත.වත්මන් තත්වය යටතේ, සියලු පාර්ශ්වයන් වඩාත් ශක්තිමත් ගෝලීය සංවර්ධනයක් උදෙසා කැපවිය යුතු බවද හෙතෙම පැවසීය.

ගෝලීය ආර්ථික පුනරුත්ථාපනය සඳහා හවුල්කාරී සබඳතාවක් ගොඩනඟා ගැනීම, සංවර්ධනයේ ප්‍රමුඛතාව අනුගමනය කිරීම, ජනතා කේන්ද්‍රීයභාවය යන කරුණු කෙරෙහි සෑමවිටම අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම රටවල අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානය යොමු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා යෝජනා කළේය.G20 කණ්ඩායමට එක්වීම සඳහා අප්‍රිකානු සංගමයට චීනයේ සහාය ලබා දෙන බව ද හෙතෙම පැවසීය.

 එසේම, Covid-19 වසංගත මර්දනයේ ජාත්‍යන්තර සහයෝගිතාව අඛණ්ඩව තහවුරු කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත්, ඖෂධ හා වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ හා මිලදී ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට සහාය විය යුතුය. එම රටවල ආර්ථීක පුනරුත්ථාපනය සඳහා යහපත් පරිසරයක් නිර්මාණය කිරීමට පියවර ගත යුතු බවද  ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

ගෝලීය උද්ධමනය පාලනය කරමින් පද්ධතිමය ආර්ථික හා මූල්‍ය අවදානම තුරන් කළ යුතු ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඩු ආදායම්ලාභී රටවලට විශේෂ ගැනුම් හිමිකම් (Special Drawing Right SDR)ණය ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතුය. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රධාන ණයහිමියන් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ වාණිජ ණයහිමියන් එම රටවල් සඳහා ණය සහන ක්‍රියාමාර්ගවලට එක් විය යුතු බව ද ෂී ජින්පිං මහතා කියාසිටියේය.

දේශගුණ විපර්යාසයන්ට මුහුණ දෙමින් අඩු කාබන්  හරිත සංවර්ධන ව්‍යුහය ගොඩනැගීමේදී, පොදු මෙන්ම වෙනස් වගකීම් භාරගන්නා මූලධර්මය මත, මුදල්, තාක්ෂණ හා නිපුණතා යන ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවලට සහාය දිය යුතු බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය. හරිත මූල්‍ය සහෝගිතාවන්ට සක්‍රිය ලෙස සහභාගි විය යුතු බව ද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම