75 වන නිදහස් දින උත්සවයට සමගාමීව ආහාර සුරක්ෂිතතාව නැංවීම සඳහා විශේෂ වැඩසටහන් රැසක්
2022-11-15 18:43:00
Share with:

2023 වසරට යෙදෙන 75 වන නිදහස් දින උත්සවයට සමගාමීව ආහාර සුරක්ෂිතතාව නැංවීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැන්වීමට පියවර ගැනේ. රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කෙරේ.

පවතින ආර්ථික අර්බුදය තුළ මෙරට ජනතාවගේ ආහාර අවශ්‍යතාවෙන් වැඩි කොටසක් රට තුළ නිෂ්පාදනය කිරීම ඉලක්ක කර ගනිමින් මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.  නිදහස් දිනයට සමගාමීව දිවයිනේ ගම් 14022 තුළ ක්‍රියාත්මක හොඳම ගෙවතු දස ලක්ෂ පනස් දහසක් තෝරා ගැනීමට නියමිත අතර එමගින් රට තුළ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ජනතාවගේ උනන්දුව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම