චීන ඇමරිකා නායක‍යෝ කරුණු රැසක් පිළිබඳව ‍පුළුල් ලෙස අදහස් හුවමාරු කර ගනිති
2022-11-15 21:44:26
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දුනීසියාවේ බාලී දූපතට ඊයේ(14) පිටත් වී  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන කොංග්‍රසය පැවැත්වීමෙන් පසු සිය ප්‍රථම විදෙස් සංචාරය ආරම්භ කළේය. මෙවර සංචාරයේ පළමු  ක්‍රියාකාරකම වූයේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සමග හමුවයි. 

චීන -ඇමරිකා සබඳතාවේ උපාය මාර්ගික ප්‍රශ්න හා වැදගත් ගෝලීය හා ප්‍රාදේශිය ප්‍රශ්න කෙරෙහි පෙර හා සමාන ව අවංකව මෙන්ම ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බව එම හමුවේ ආරම්භයේදී ෂී ජින්පිං මහතා පැවසීය. පෙර හා සමාන ව අඛණ්ඩව විවෘත හා අවංක සංවාදය පැවැත්වීම පිළිබඳව ජෝ බයිඩන් මහතා ද සිය අපේක්ෂා පළ කර ඇත.  

වර්තමානයේ චීන-ඇමරිකා සබඳතාව දෙරටේ සහ දෙරටේ ජනතාවගේ මූලික ජයග්‍රහණයන්ට අනුකූල නොවන අතර ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන්ට ද අනුකූල නොවන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ස්ථාවර හා විධිමත් වර්ධන මාර්ගයකට යොමු කිරීම එම ගැටළුවට විසඳුම බව චීන ජනාධිපතිවරයා පැවසීය.

නව යුගයේ චීනය හා ඇමරිකාව මූලධර්ම තුන අනුගමනය කළ යුතු ය. අන්‍යෝන්‍ය ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම,සහයෝගිතා පවත්වමින් පොදු ජයග්‍රහණ ලබා ගැනීම ඊට ඇතුළත්ය.ලෝකය වැදගත් ඓතිහාසික සන්ධිස්ථානයක සිටියි. පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙන විවිධ රටවල්, පෙර නොවූ විරූ අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට ද ක්‍රියා කළ යුතු ය.එම තත්ත්වය මත චීන - ඇමරිකා නායකයින් ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි සැලකිල්ල දැක්විය යුතු අතර එම සබඳතාව මනාව පවත්වා ගත යුතුය.

චීන-ඇමරිකා සබඳතා පරාජයවීමේ-ජයගැනීමේ, නැඟිටීමේ හා වැටීමේ ක්‍රීඩාවක් නොවිය යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. චීනය හෝ ඇමරිකාව හෝ ලබා ගත් ජය, එකිනෙකාට අභියෝගයක් වීමට වඩා අවස්ථාවක් ලෙස සැලකිය යුතුය. දෙපාර්ශ්වය ම එකිනෙකාගේ දෙස් විදෙස් ප්‍රතිපත්ති සහ උපායමාර්ගික උත්සාහයන්  නිවැරදිව සැලකිය යුතු අතර ගැටුම් වෙනුවට සංවාද පවත්වා ශුන්‍ය හුවමාරුව වෙනුවට පොදු ජයග්‍රහණ ලබා ගත යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය. 

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ තායිවාන ප්‍රශ්නය චීනයේ මුඛ්‍ය ජයග්‍රහණය තුළ කේන්ද්‍රයක් බවයි.එය චීන-ඇමරිකා සබඳතා දේශපාලන පදනමේ ද පදනමකි. ජාත්‍යන්තර සබඳතාවල මූලික ප්‍රමිතීන් හා චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුනට අනුකූලව කටයුතු කිරීම, දෙපාර්ශ්වයන් ගැටුම් සහ මතභේදයන් පාලනය කිරීමට මෙන්ම ගැටුම් වැළැක්වීමට ද කේන්ද්‍රීය කරුණකි. එය දෙරට සම්බන්ධතාවයේ වැදගත්ම සුරක්ෂිත ජාලයක් ලෙස ද හැඳින්විය හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය. 

නායක දෙපළ වත්මන් ප්‍රධාන ගෝලීය සහ කලාපීය ප්‍රශ්න කෙරෙහි  අවංක සහ ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්හ.එහිදී වැඩි අවධානය යොමු වූයේ දැනට පවතින යුක්රේන අර්බුදය පිළිබඳවය.යුක්රේන අර්බුදය වැනි ගෝලීය සංකීර්ණ අර්බුද හමුවේදී, කරුණු කිහිපයක් කල්පනා කළ යුතු බව ෂී ජින්පිං මහතා පැවසීය.පළමුව,යුද්ධයක දී ජයග්‍රහකයින් නොමැත.දෙවැන්න, සංකීර්ණ ගැටලුවලට සරල විසඳුමක් නොමැත.තෙවැන්න, විශාල රටවල් අතර ගැටුම් වැළැක්විය යුතුය. චීනය සෑම විටම සාමය දෙස සිටින අතර, රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා සහයෝගය ලබා දෙනු ඇත.එමෙන්ම ඇමරිකාව, නේටෝ සංවිධානය සහ යුරෝපා සංගමය රුසියාව සමඟ සාකච්ඡා පූර්ණ ලෙස ආරම්භ කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම