විද්‍යුත් වාහන එකලස් කිරීම හා‍ දේශීය භාවිතය දිරිගැන්වීමට අයවැයෙන් යෝජනා
2022-11-15 18:41:49
Share with:

විද්‍යුත් වාහන එකලස් කිරීම මෙන්ම, දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීම දිරිගැන්වේ. ඊට අදාළ දිරිගැන්වීම් සිදු කරන බව අයවැය යෝජනාවල දැක්වේ.

ඒ අනුව විද්‍යුත් මෝටර් රථ එකලස් කිරීම මෙන්ම, දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීමට පියවර ගැනේ.ඒ අනුව මෝටර් රථ එකලස් කිරීම සිදු කරනු ලබන ආයතන විසින් අවම වශයෙන් 25% ක දේශීය අගය එකතු කිරීම් සහ ඊට අවශ්‍ය කොටස් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන සඳහා පමණක් සමාජ ආරක්ෂණ බද්ද ඉවත් කිරීමට අයවැයෙන් යෝජනා කර ඇත.

සියලුම ලියාපදිංචි විද්‍යුත් මෝටර් රථ උපාංග නිෂ්පාදකයින් සහ අනුමත දේශීය විද්‍යුත් මෝටර් රථ එකලස් කරන ආයතන සම්බන්ධ කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ද පියවර ගැනෙනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම