චීන ජනපති තවත් රාජ්‍ය නායකයන් රැසක් බාලී හිදී හමුවෙයි
2022-11-15 19:34:36
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සෙනෙගාල් ජනාධිපති Macky Sall මහතා හමු වේ.

එම හමුව අද(15) පස්වරුවේ බාලී දූපතේදී සිදුවිය. සංවර්ධන මාර්ගය මත චීනය සෙනෙගාල් රාජ්‍යය සමග අත්වැල් බැඳගනිමින්, එකිනෙකාගේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතිවාසිකම් පිළිබඳව අන්‍යෝන්‍ය වශයෙන් අනුබල දීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා එම අවස්ථාවේදී පැවසීය. සෙනෙගාල් රාජ්‍යයේ මහමාර්ග, කාර්මික කලාප ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයට අඛණ්ඩව අනුබල දෙන චීනය, එරට කෘෂි නිෂ්පාදිත ආනයනය කිරීමට ද කටයුතු කරනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

චීනය මූලධර්මයන්ට අනුගත, පුළුල් ගෞරවයක් හිමි ශ්‍රේෂ්ඨ රටක් බව සෙනෙගාල් ජනාධිපති Macky Sall මහතා එහිදී පෙන්වා දෙයි. චීනය තම රටටත් අප්‍රිකාවටත් මහඟු සහනාධාර ලබා දී ඇති අතර අප්‍රිකානු රාජ්‍ය සංගමය ජී20 කණ්ඩායමට එක්වීම සඳහා ප්‍රථමයෙන්ම ප්‍රසිද්ධියේම අනුබල දක්වා ඇත. ඒ සඳහා චීනයට ප්‍රණාමය පුද කිරීමට කැමති බව ඔහු පැවසීය. ෂින්ජ්‍යං ප්‍රශ්නය සම්බන්ධයෙන් අප්‍රිකානු රටවල් ස්ථිර ලෙස චීනය සමග සිටින බව ද ඔහු අවධාරණය කළේය.

අනතුරුව චීන ජනාධිපතිවරයා ආජන්ටිනා ජනාධිපති Alberto Fernández මහතා හා ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez Pérez-Castejón මහතා ද ‍වෙන් වෙන්ව හමු විය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම