ලෝක ජනගහණය බිලියන 8 ක්
2022-11-15 18:39:37
Share with:

අද ( 15) දිනයේ දී ලෝක ජනගහණය බිලියන 8 කට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි. එය මානව සංවර්ධන ඉතිහාසයේ සන්ධිස්ථානයකි.

මහජන සෞඛ්‍යය, පෝෂණය, සනීපාරක්ෂාව සහ වෛද්‍ය විද්‍යාව ඇතුළු ක්ෂේත්‍රවල දියුණුව හේතුවෙන් මානවයන්ගේ ආයු කාලය ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතී. එය ගෝලීය ජනගහණ වර්ධනයට හේතු වී ඇත.

මිහිකත කෙරෙහි මිනිසුන්ගේ හවුල් වගකීම පිළිබඳව සිතා බැලිය යුතු මොහොත මෙය බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ වෙබ් අඩවියේ දත්තවලට අනවු, ගෝලීය ජනගහණය බිලියන 7 සිට බිලියන 8 දක්වා වර්ධනය වීමට වසර 12 ක් පමණ ගත විය. නමුත්, 2037 දී බිලියන 9 දක්වා එය ළඟා වීමට වසර 15 ක් පමණ ගත වනු ඇත. ගෝලීය ජනගහණයේ වර්ධන වේගය මන්දගාමී වනු ඇති බව ඉන් පෙන්නුම් කෙරේ.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම