විශාල භාණ්ඩ සහයෝගිතා හවුල්කාරී සබඳතාවක් ගොඩනැගීමේ අවශ්‍යතාව චීන ජනපති පෙන්වා දෙයි
2022-11-15 17:44:19
Share with:

විශාල භාණ්ඩ සහයෝගිතා හවුල්කාරි සබඳතාවක් ගොඩනැගිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. 

ආහාර හා බලශක්ති සම්පත් ගැටළු ගෝලීය සංවර්ධන ක්ෂේත්‍රයේ වඩාත් හදිසි අභියෝගයක් බව ෂී ජින්පිං මහතා අද(15) ඉන්දුනීසියාවේ බාලී දූපතේ පැවති ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුවේ පළමු අදියරේ රැස්වීමේදී ප්‍රකාශ කළේය. සැපසුම් දාමයේ මතු වූ ගැටළු හේතුවෙන් ජාත්‍යන්තර සහයෝගිතාවන්ට බාධා එල්ල වීම, වත්මන් අර්බුදයේ මූලාශ්‍රය බව හෙතෙම සඳහන් කළේය. එය විසඳා ගැනීම සඳහා ඒ ඒ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය  ඇතුළු බහුපාර්ශ්වික සංවිධානවල සම්බන්ධීකරණය යටතේ, වෙළඳපොල නියාමන ප්‍රබල කරමින් ‘විශාල භාණ්ඩ සහයෝගිතා හවුල්කාරි සබඳතාවක්’ ගොඩනැගීමට කටයුතු කළ යුතුය. එසේම සැපයුම් දාමය හා වෙළඳපොල මිල ස්ථාවරත්වය සහතික කිරීම සඳහා විවෘත, ස්ථාවර මෙන්ම තිරසර විශාල භාණ්ඩ වෙළඳපොලක් ගොඩ නැගිය යුතු බවද  හෙතෙම සඳහන් කළේය.  

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම