රටක දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවන බව ජනපති කියයි
2022-11-15 18:40:55
Share with:

රටක දීර්ඝ කාලීන සංවර්ධනයට පදනම වන්නේ නිවැරදි තීරණ මිස ජනප්‍රිය තීරණ නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.තරුණ පරපුර අපේක්ෂා කරන ක්‍රමවේදයේ වෙනසක් සහිත යහපත් හෙටක් වෙනුවෙන් නව ආර්ථිකයක් නිර්මාණය  කළ යුතුය. තරගකාරී නවීන ආර්ථිකයක් සඳහා වූ ගමන මෙවර අයවැයෙන් ආරම්භ කරන බව 2023 වසර සඳහා අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් හෙතෙම මේ බව පැවසීය. නිදහස ලබා සියවසක් සපිරෙන 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමේ පසුබිම මෙවර අයවැයෙන් සකස් කර ඇතැයි ද හෙතෙම කීය. පෞද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහිකිරීමට අවශ්‍ය පහසුකම් සපයමින් ඔවුන්ගේ කාර්යයන්  වඩා ඵලදායි කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරන බවද  ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම