චීන-ප්‍රංශ ජනපතිවරුන්‍ අතර හමුවක්
2022-11-15 11:37:13
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතා හමුවෙයි. ඉන්දුනීසියාවේ Bali දූපතේ දී අද(15) පෙරවරුවේ හමුව සිදුවිය.

ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේ ගතවූ වසර 3 තුළ, තමා Emmanuel Macron මහතා සමග විවිධාකාරයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවයි. මෙමගින් චීන-ප්‍රංශ සබඳතාව සක්‍රිය සංවර්ධනයක් අත්කර ගෙන ඇත. දෙපාර්ශ්වයේ වැදගත් සහයෝගිතාවන්, මනා ප්‍රගතීන් ද සාක්ෂාත් කර තිබේ. අධිගුණාත්මක විවෘතභාවය ස්ථිර ව තහවුරු කරන චීනය, චීන අනන්‍යතා සහිත නවීකරණය උත්සාහයෙන් ඉදිරියට මෙහෙයවයි. ප්‍රංශය ඇතුළු ලොව විවිධ රටවලට නව අවස්ථාවන් සැලසීම චීනයේ අපේක්ෂාවයි. ප්‍රංශය සමග එක්ව, ජී-20 කණ්ඩායමේ සභාපතීත්වය දරන ඉන්දුනීසියාවට සහාය දක්වමින් ජී-20 කණ්ඩායමේ Bali සමුළුව සාර්ථකත්වය කරා මෙහෙයවීමට චීනය කැමති බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට යළි තේරී පත්වීම සහ කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා සුබ පැතුම් පිරිනැමීය. ප්‍රංශය හා චීනය ගෝලීය සාමකාමී සංවර්ධනය හා ලෝක ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් කැපවී සිටින රාජ්‍යයන් දෙකකි. එසේම, චීනය සමග එක්ව, බහුපාර්ශ්වික අදහස් හුවමාරු ශක්තිමත් කරමින් කාලගුණික වෙනස්වීම්, ආහාර අර්බුදය හා ජෛව විවිධත්වය සුරැකීම ඇතුළු ගෝලීය ගැටළුවලට පොදුවේ මුහුණ දීමට ප්‍රංශය සූදානමින් සිටී. යුරෝපා-චීන සංවාද සහයෝගිතා සක්‍රිය ව මෙහෙයවීම ප්‍රංශයේ අපේක්ෂාව බව ද Emmanuel Macron මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම