ජගත් අවධානය ඉහළින් යොමුවූ චීන ඇමරිකා නායක හමුව
2022-11-15 21:08:54
Share with:

ඇමරිකාවේ යෝජනාවකට අනුව, ඊයේ (14) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී  හමුවිය.

සමස්තයක් වශයෙන් සැලකීමේදී, මෙම හමුව ගැඹුරින් අදහස් හුවමාරු කර ගැනීම,  අභිප්‍රායන් පැහැදිලි කිරීම, වෙනස් කළ නොහැකි කරුණු පැහැදිලි කිරීම, ගැටුම් වැළැක්වීම, දිශානතිය නිවැරදි කිරීම,මෙන්ම සහයෝගීතා සාකච්ඡා කිරීම යන අපේක්ෂිත ඉලක්කයන් සපුරා ගෙන ඇත. එම හමුව කෙරෙහි ජාත්‍යන්තර පැසසුමද හිමිව තිබේ. 

ගත වූ වසර තුන තුළ, චීන-ඇමරිකා නායකයින් අතර සිදුවූ පළමු මුහුණට මුහුණ හමුව මෙයයි.එය ජනාධිපති ජෝ බයිඩන් මහතා බලයට පත්වීමෙන් පසු නායකයින් දෙදෙනා අතර සිදුවූ පළමු මුහුණට මුහුණ හමුවද වෙයි.එමෙන්ම ‍මේ වසරේ වැදගත් දේශීය කාර්යභාරයයන් වෙන්වෙන්ව සම්පූර්ණ කිරීමෙන් පසු දෙරටේ රාජ්‍ය නායකයන් සිදුකළ පළමු හමුව ද මෙයයි. එම හමුවේදී චීන ඇමරිකානු නායකයින් ද්විපාර්ශ්වික සබඳතා යහපත් කිරීමට පොදුවේ කැමැත්ත දක්වා ඇති බව බි‍්‍රතාන්‍ය " Financial Times "පුවත්පත සඳහන් කළේ‍ය. මෙම හමුව මගින් චීනය සහ ඇමරිකාව අතර උණුසුම් සබඳතාව ලිහිල් වී ඇති බව ද ඇමරිකාවේ CNN මාධ්‍ය ආයතනය වාර්තා කර තිබේ.

ඉතිහාසය හොඳම පෙළ පොතයි.චීනය සහ ඇමරිකාව සහයෝගීතා පැවැත්වුවහොත් දෙරටටම ජයග්‍රහණ ලබා ගත හැකිය.ගැටුම් ඇති කරගත හොත් දෙරටටම හානි   වනු ඇත.චීන-ඇමරිකා සබඳතා ඉදිරියට ගමන් කරන තීරණාත්මක සන්ධිස්ථානයක සිදුවූ මෙම නායක හමුවෙන්, ඉදිරි කාලයක් තුළ දෙරට සබඳතාවන් හී වර්ධන දිශානතිය පෙන්වා දී ඇත. නායකයින් දෙපළ එළඹ ඇති එකඟතාවන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම වැදගත්ය. විශේෂයෙන්ම, ඇමරිකාව, ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ප්‍රතිඥා සැබෑ ලෙස ක්‍රියාත්මක කරමින් චීනය සමඟ එක්ව ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට නැංවීම සඳහා  ක්‍රියා කළ යුතුය. එසේම විශාල රටක් ලෙස ඇමරිකාවට තිබිය යුතු අවංකභාවය හා වගකීම ලෝකයට පෙන්විය හැකිය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම