ආසියා පැසිෆික් කලාපය සහයෝගීතා සංවර්ධනයේ වේදිකාවක් මිස විශාල රටවල් තරග කරන චෙස් පුවරුවක් නොවේ
2022-11-14 18:39:44
Share with:

ආසියා පැසිෆික් කලාපය සහයෝගීතා සංවර්ධනයේ වේදිකාවක් මිස, විශාල රටවල් තරඟ කරන චෙස් පුවරුවක් නොවන බව චීනය පවසයි.

ඊයේ (13) ඇමරිකා, ජපාන සහ දකුණු කොරියා නායකයෝ කාම්බෝජයේ දී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. එම ප්‍රකාශයෙන් ආසියා පැසිෆික් කලාපීය තත්ත්වය වෙනස් කිරීමට ඒකපාර්ශ්විකව දරන උත්සාහයන්ට විරුද්ධ වන අතර ‘තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය ආරක්ෂා කිරීම’ යළි තහවුරු කෙරේ.

කලාපීය සාමය සඳහා අදාළ රටවල් සීතල යුද මානසිකත්වය අතහැර, “කුඩා කණ්ඩායම්‍” වශයෙන් ක්‍රියා කිරීම නතර කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (14) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය. තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය අවංකවම පවත්වා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එකම චීනය මූලධර්මය අනුගමනය කරමින් චීනය සමඟ තායිවාන බෙදුම්වාදීන්ට විරුද්ධ විය යුතු බව ද ඇය සඳහන් කළාය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම