ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය බැහැර කිරීමේ සැලැස්ම පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතන කාර්ය මණ්ඩලය දෙවැනි වතාවටත් ජපානයට
2022-11-14 11:30:12
Share with:

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ දූෂිත ජලය බැහැර කිරීමේ සැලැස්ම පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතන කාර්ය මණ්ඩලය දෙවැනි වතාවට ජපානයට පැමිණෙති.

එම තාක්ෂණික කාර්ය මණ්ඩලය අද (14) සිට එළඹෙන 18වැනිදා දක්වා ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර දූෂිත ජලය බැහැර කිරීමේ සැලැස්ම සඳහා ආරක්ෂාව පිළිබඳව විස්තීර්ණ තක්සේරු සමාලෝචනයක් අඛණ්ඩව සිදු කිරීමට  සැලසුම් කර තිබේ.

ඔවුන්ගේ පළමු සංචාරය මෙම වසරේ පෙබරවාරි 14 සිට 18 දක්වා සිදුවිය.

2021 අප්‍රේල් 13 වැනිදා ජපාන රජය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර දූෂිත ජලය මුහුදට මුදා හැරීමට නිල වශයෙන් තීරණය කළේය. විසර්ජන කාලය වසර 20 සිට 30 දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පියවර බොහෝ පාර්ශ්වයන්ගේ අසතුටට හේතු වී ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම