සාධාරණ තරගකාරීත්ව ප්‍රතිපත්ති පිළිබඳ 9වැනි චීන ජාත්‍යන්තර සාකච්ඡා සභාව බෙයිජිං හිදී
2022-11-14 15:43:17
Share with:

සාධාරණ තරගකාරීත්ව ප්‍රතිපත්ති පිළිබඳ 9වැනි චීන ජාත්‍යන්තර සාකච්ඡා සභාව ආරම්භ වේ.

 අද (14) බෙයිජිං නුවර ආරම්භ වූ එම සාකච්ඡා සභාවේ ප්‍රධාන තේමාව වන්නේ “සාධාරණ තරගකාරීත්වය, ඒකාබද්ධ වෙළඳ පොල සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය” යන්නයි. එම සාකච්ඡා සභාවට සමගාමීව ලබන 18වැනි දා දක්වා සාධාරණ තරගකාරීත්ව ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රචාරක සතිය ද පැවැත්වේ.

2012 වසරේ සිට සාධාරණ තරගකාරීත්ව ප්‍රතිපත්ති පිළිබඳ චීන ජාත්‍යන්තර සාකච්ඡා සභාව 8 වතාවක් පවත්වා තිබේ. එය , සාධාරණ තරගකාරීත්වයට අදාළ කරුණු පිළිබඳ සාකච්ඡා කරමින් ජාත්‍යන්තර තරගකාරීත්ව සහයෝගිතා හා හුවමාරු ශක්තිමත් කිරීමේ වැදගත් වේදිකාවක් බවට පත් ව ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම