චීන ජනපති හා ඇමරිකානු ජනපති අතර හමුවක්
2022-11-14 18:18:00
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමු වෙති. 

එම හමුව අද(14) පස්වරුවේ ඉන්දුනීසියාවේ බාලී දූපතේ පැවැත්විණ.

චීන-ඇමරිකා සබඳතාවේ වත්මන් තත්ත්වය දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට හා ජාත්‍යන්තර ප්‍රජාවගේ අපේක්ෂාවන්ට අනුකූල නොවන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. දෙරටේ නායකයින් ලෙස, දෙරටේ සබඳතාව සඳහා නිවැරදි සංවර්ධන දිශානතිය සොයා ගෙන එම සබඳතාව වැඩිදියුණු කළ යුතු බව ද හෙතෙම කීය.

දෙරට ද්විපාර්ශ්වික සබඳතාව මනාව හසුරුවනු ඇතැයි වර්තමාන ජාත්‍යන්තර ප්‍රජාවගේ පොදු අපේක්ෂාව බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. චීනය හා ඇමරිකාව සෙසු රටවල් සමඟ, ලෝක සාමය, ස්ථාවරත්වය හා පොදු සංවර්ධනය සඳහා විශ්වාසය හා බලය එකතු කළ යුතුය. චීන-ඇමරිකා සබඳතාවේ උපායමාර්ගික ගැටළු සහ වැදගත් ගෝලීය හා කලාපීය ගැටළු පිළිබඳව ජෝ බයිඩන් මහතා සමඟ අඛණ්ඩව අවංක හා ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගැනීම‍‍ට කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය. දෙරටට සහ ලෝකයට සුබ සෙත නිර්මාණය කිරී‍මේ අරමුණෙන් යුතුව, දෙරටේ සබඳතාව හිතකර සහ ස්ථාවර සංවර්ධන මාවතකට ගෙන ඒමට ජෝ බයිඩන් මහතා සමඟ පොදුවේ ක්‍රියා කිරීමට හැකිවෙතැයි ද ෂී ජින්පිං මහතා බලාපොරොත්තු ‍පළ කළේය.

චීනය හා ඇමරිකාව අතර පවතින මතභේදයන් පාලනය කිරීමේ හැකියාව ප්‍රකාශ කිරීම දෙරටේ වගකීම විය යුතු බවත් තරඟය ගැටුම් බවට පත්වීම වළක්වා හදිසි ගෝලීය ප්‍රශ්න කෙරෙහි සහයෝගිතා පැවැත්වීමට උත්සාහ දැරිය යුතු බවත් ජෝ බයිඩන් මහතා එහිදී පවසා ඇත. ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග පෙර සේම විවෘත හා අවංක සංවාදය අඛණ්ඩව පැවැත්වීමට තමා අපේක්ෂා කරන බව ද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.




ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම