චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ විශේෂ වැඩසටහන් මාලාවක ගෝලීය විකාශය ඇරඹේ
2022-11-14 22:03:51
Share with:

‘ෂී ජින්පිං ප්‍රිය කරන උද්ධෘත පාඨ’ නමැති විශේෂ වැඩසටහන (ඉන්දුනීසියා භාෂා හා තායිලන්ත භාෂා සංස්කරණ) සහ ‘චීනය, නව ගමනකට’ නමැති බහු භාෂා වාර්තා වැඩසටහනේ, ගෝලීය මාර්ගගත විකාශය ඇරඹේ.

ඒ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉන්දුනීසියාවේ පැවැත්වෙන ජී20 කණ්ඩායමේ නායකයින්ගේ සමුළුවට හා තායිලන්තයේ පැවැත්වීමට නියමිත එපෙක් සංවිධාන නායකයින්ගේ නිල නොවන රැස්වීමට එක්වීම සඳහා පිටත්වීම නිමිත්තෙනි. චීන මාධ්‍ය සමූහයේ එම වැඩසටහන් එළිදැක්වීමේ උළෙල අද(14) බෙයිජිංහිදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම අවස්ථාවට එක් වෙමින් දේශනයක් සිදු කළේය. ඉන්දුනීසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව, කාම්බෝජය, ඉන්දියාව, ලාඕසය, ‍නයිජිරියාව, පකිස්තානය, තුර්කිය ඇතුළු රටවල ජාතික රූපවාහිනී සේවා ආයතනවල ප්‍රධානීහු මාර්ගගතව එම උළෙලට එක් වූහ. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම