අයවැය පාර්ලිමේන්තුවට
2022-11-14 16:48:43
Share with:

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ලබන වසරට අදාල අයවැය මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීමේ විවාදය ලබන අඟහරුවාදා ඇරඹෙයි. එහි ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන 22 වැනිදා පස්වරු 5.00 ටය. විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය ලබන 23 වැනිදා ඇරඹෙන අතර එහි ඡන්ද විමසීම ලබන මස 8 වැනිදා සිදු කෙරේ. අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. ඒ අනුව ලබන 23 වැනිදා සිට දෙසැම්බර් 7 වැනිදා දක්වා විවාදය පැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම