දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නය විසඳා ගැනීමේ පූර්ණ හැකියාව චීනය හා ආසියන් රටවල් සතුයි
2022-11-14 18:37:17
Share with:

දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නය විසඳා ගැනීමේ පූර්ණ හැකියාව චීනයට හා ආසියන් රටවලට හිමි බව අවධාරණය කෙරේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(14) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.  දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ප්‍රකාශනයට අත්සන් තැබීමේ 20 වන සංවත්සරය නිමිත්තෙන් පසුගිය 11 වනදා චීන -ආසියන් සංගම් නායක සමුළුවේදී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණ. දකුණු චීන මුහුද, සාමය, මිත්‍රත්වය සහ සහයෝගිතා මුහුදක් ලෙස ගොඩනගමින් අදාල ප්‍රකාශනය අඛණ්ඩව, පූර්ණ ලෙස මෙන්ම ඵලදායිකව ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශ්වයන් ප්‍රතිඥා දෙන බව එම නිවේදනයේ දැක්වේ.

චීනය හා ආසියන් රටවල් දකුණු චීන මුහුදේ සාමය හා ස්ථාවරත්වය පොදුවේ සහතික කිරීමේ දැඩි අධිෂ්ඨානය හා විශ්වාසය ඉන් පිළිබිඹු වෙයි.දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා පූර්ණ හැකියාව, විශ්වාසය හා බුද්ධිය චීනයට හා ආසියන් රටවලට හිමි බව ඉන් යළි පිළිබිඹු වන්නේ යැයි ද  Mao Ning මහත්මිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20230327සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම