චීන ජනපති ඉන්දුනීසියාවට ළඟා වේ
2022-11-14 15:40:57
Share with:


චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් අද(14) පස්වරුවේ ඉන්දුනීසියාවේ බාලී දූපතේ Ngurah Rai ජාත්‍යන්තර ගුවන් තොටුපලට ළඟා විය.

ඉන්දුනීසියා ජනාධිපති Joko Widodo මහතාගේ ආරාධනාවකට අනුව ෂී ජින්පිං මහතා 14වනදා සිට 17වනදා දක්වා බාලී දූපතේ පැවැත්වීමට නියමිත ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුවට එක්වීමට නියමිතව තිබේ.

ෂී ජින්පිං මහතා සමග පන්ග් ලී යුවාන් ආර්යාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, මධ්‍යම කාරක සභා කාර්යාල අධ්‍යක්ෂ Ding Xuexiang, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, රාජ්‍ය මණ්ඩලයේ සාමාජික,විදේශ අමාත්‍ය වං යී යන මහත්වරු ඇතුළු පිරිස එම සංචාරයට එක් වෙති.

ඉන්දුනිසියාවේ සාගර හා ආයෝජන සම්බන්ධීකරණ අමාත්‍ය Luhut B. Pandjaitan මහතා ,බාලී පළාතේ ආණ්ඩුකාර Wayan Koster මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ ගුවන් තොටුපළේදී ෂී ජින්පිං මහතා ප්‍රමුඛ පිරිස උණුසුම් ලෙස පිළිගත්හ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම