චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යන් මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා හමුවෙයි
2022-11-14 15:17:12
Share with:

ඊයේ (13 )පස්වරුවේ, චීන අග්‍රාමාත්‍යවරයා, නොම්පෙන්හි දී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා‍  හමුවිය.

චීනය, සෑම විටම, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමඟ සහයෝගීතාව ශක්තිමත් කර, එක්සත් ජාතීන්ගේ  කාර්යයන්ට සක්‍රීයව සහාය  දක්වන බව ලී කච්‍යන් මහතා  පෙන්වා දුන්නේය.චීනය  එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම, ජාත්‍යන්තර නීතියේ සම්මතයන් සහ ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්ව සමඟ කටයුතු කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර ලිහිල් කිරීම, දේශගුණික විපර්යාසවලට විසඳුම් ලබාදීම, ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කරමින් තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමට සහාය ලබා දීම සම්බන්ධයෙන් චීනය එක්සත් ජාතීන්ට ප්‍රශංසාව පළකරන බවද හෙතෙම පැවසීය.

බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය දරන දැවැන්ත උත්සාහයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අගය කරන බව පැවසූ ගුටරෙස් මහතා දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාමට චීනයේ දායකත්වය  ඉහළින් අගය කළේය. දකුණු-දකුණු සහයෝගීතාව සඳහා චීනය දරන වෑයමට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස සහාය දක්වන අතර මේ සම්බන්ධයෙන් චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමති බවද එක්සත් ජාතීන්‍ ගේ මහලේකම්වරයා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම