Luo Yang තරුණ ප්‍රගතිශීලී කණ්ඩායම වෙත චීන ජනාධිපතිවරයා ගෙන් පිළිතුරු ලිපියක්
2022-11-13 17:16:41
Share with:

චීන ගුවන් සේවා කර්මාන්ත සංස්ථාවේ Shenyang ගුවන් යානා කර්මාන්ත සමාගමේ Luo Yang තරුණ ප්‍රගතිශීලී කණ්ඩායම වෙත චීන ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමු කරයි.

Shenyang ගුවන් යානා කර්මාන්ත සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හිටපු ප්‍රධානි Luo Yang 2012 වසරේ රැකියාවේ නිරතව සිටියදී මිය ගියේය. ඔහුගේ ජීවගුණය අධ්‍යයනය කිරීම වෙනුවෙන් Shenyang ගුවන් යානා කර්මාන්ත සමාගම Luo Yang තරුණ ප්‍රගතිශීලී කණ්ඩායම ස්ථාපිත කර තිබේ. ගෙවී ගිය වසර 10 තුළ විද්‍යා හා තාක්ෂණ පෙරමුණේදී Luo Yangගේ ජීවගුණය ඉගෙන ගනිමින් ලබා ගත් ප්‍රතිඵල හා මව් රට වෙනුවෙන් අඛණ්ඩව උත්සාහ දැරීමේ අධිෂ්ඨානය පිළිබඳව මෑතකදී එම කණ්ඩායම විසින් චීන ජනාධිපති ෂී ජින් පිං මහත වෙත ලිපියක් යොමු කර තිබේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(12) ඔවුන්ට යොමු කළ  පිළිතුරු ලිපියෙන් සඳහන් කළේ Luo Yang ආදර්ශයක් ලෙස සලකමින් ගුවන් සේවා උපකරණ පර්යේෂණය කිරීමේදී දැක්වූ එකමුතුවෙන් උත්සාහ දැරීමේ ජීවගුණය ඉතා වටිනා බවයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය ඉදිරිපත් කළ මහා සැලැස්ම ක්‍රියාවට නැංවීම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රවල තරුණයන් නිර්භීතව වගකීම භාර ගෙන පෙර‍මු‍ණේ සිටිමින් උත්සාහ දැරිය යුතු ය. මව්රට වෙනුවෙන් තිරසරව කැපවෙමින් සම්පූර්ණයෙන්ම සමාජවාදී නවීකරණ රටක් බිහි කිරීම හා චීන ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය ප්‍රවර්ධනය කිරීමට ඔවුන් නව දායකත්වයක් දරනු ඇතැයි  ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම