විදෙස් රටවල් සමග මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක
2022-11-13 18:03:05
Share with:

විදෙස් රටවල් සමග මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති ලින් සොන්ග්ටියෑන් (Lin Songtian) මහතා පස්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (12) දිනයේ ඔහු දිවයිනට පැමිණි බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සොන්ග්ටියෑන් මහතාගේ මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වේ.

මෙම සංචාරය තුළදී හෙතෙම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට යෝජිතය.

ශ්‍රී ලංකා - චීන මිත්‍රත්ව සංගමය සංවිධානය කරන සම්මන්ත්‍රණයකට සහභාගීවීමට ද අපේක්ෂා කරව ලින් සොන්ග්ටියෑන් මහතා ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම