නව තානාපතිවරු ජනපති වෙත අක්තපත්‍ර භාර දෙති
2022-11-12 18:20:31
Share with:

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් වූ නව තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම අක්තපත්‍ර භාර දීම සිදුකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රුසියාව, මෙක්සිකෝව, ප්‍රංශය, ඕමානය, භූතානය, පැරගුවා හා ලක්ෂම්බර්ග් සඳහා පත්වූ නව තානාපතිවරුන් සහ ඝානා රාජ්‍යය වෙනුවෙන් පත් ව සිටින මහකොමසාරිස්වරයා මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම