චීනය අලුතින් පනවා ඇති කොවිඩ් පාලන පියවර මගින් සංචාරකයන්ට වැඩි පහසුවක්
2022-11-12 17:15:20
Share with:

චීනය අලුතින් පනවා ඇති කොවිඩ් පාලන පියවර අන්තර්ජාතික සංචාරකයන් හා චීනයට පැමිණෙන ආයෝජකයන් වෙනුවෙන් වඩාත් පහසුව සලසා දෙන බව චීනය පවසයි.

චීන ජාතික සෞඛ්‍ය හා වෛද්‍ය කොමිසම ඊයේ (11) කොවිඩ් පාලන පියවර 20ක් අලුතින් පනවා ඇත.එදින පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලී චියෙන් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, මෙම නව පියවර ක්‍රියාත්මක වන්නේ කොවිඩ් වසංගතය වඩාත් විද්‍යානුකූල ව පාලනය කිරීමට මිස එම පාලනය ලිහිල් කිරීම සඳහා නොවන බවයි. කොවිඩ් වෛරස ප්‍රභේද විටින් විට ‍වෙනස් වෙමින් පවතී. එබැවින් ඊට අනුකූල ව වසංගත පාලන පියවර අලුත් කළ යුතු බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් ක‍ළේ ය.    

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම