"දෙමුහුන් වී පිළිබඳ විදේශ ආධාර සහ ලෝක ආහාර සුරක්ෂිතතාව" සාකච්ඡා සභාව වෙත චීන ජනපතිගෙන් ලිපියක්
2022-11-12 20:18:58
Share with:

  "දෙමුහුන් වී පිළිබඳ විදේශ ආධාර සහ ලෝක ආහාර සුරක්ෂිතතාව" යන මැයෙන් යුත් ජාත්‍යන්තර සාකච්ඡා සභාව වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා  ලිපියක් යොමු කරයි.

එම ජාත්‍යන්තර සාකච්ඡා සභාව අද (12) බෙයිජිංහිදී පැවැත්විණ. අඩසියවසකට පෙර දෙමුහුන් වී වගාව චීනයේදී ප්‍රථමයෙන් සාර්ථක ව ව්‍යාප්ත කෙරිණ. ලොව වගාබිම්වලින් 9%ක් පමණ සතු චීනය ලෝක ජනගහණයෙන් 20%ක පිරිසකගේ ආහාර අවශ්‍යතාව සපුරාලීමට සමත් ව ඇත. ඒ සඳහා දෙමුහුන් වී තාක්ෂණය වැදගත් දායකත්වයක් ලබා දී තිබෙන බව ෂී ජින් පිං මහතා සිය ලිපියෙන් පෙන්වා දෙයි.1979 වසරේ සිට චීනය දෙමුහුන් වී තාක්ෂණය රටවල් 70ක පමණ ප්‍රචලිත කර ඇති බැවින් ලෝකයේ ආහාර නිෂ්පාදන වර්ධනය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කර ඇතැයි හෙතෙම පවසයි. වර්තමානයේ ලෝක ආහාර සුරක්ෂිතතාව ඉතා බැරෑරුම් තත්ත්වයකට මුහුණ පා ඇත. චීනය විවිධ රටවල් සමග එක්ව ආහාර සුරක්ෂිතතාව රැක ගනිමින් සාගින්නෙන් තොර ලොවක් ගොඩනැගීමට වඩාත් ක්‍රියාශීලී ව කටයුතු කරන බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම