2022 ලෝක අන්තර්ජාල සමුළුව සාර්ථකව නිමාවේ
2022-11-11 16:40:44
Share with:

2022 ලෝක අන්තර්ජාල සමුළුවේ Wuzhen සැසිය අවසන් වේ.

මෙම සමුළුව අද (11) සාර්ථකව අවසන් විය. රටවල් හා ප්‍රදේශ 120ක නියෝජිතයෝ 2100කට වැඩි පිරිසක් මාර්ගගත ව මෙන්ම මාර්ගගත නොවන ආකාරයෙන් මීට සහභාගි වූහ. එය සමුළුවේ සමස්ත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සහභාගිත්වය යි.

ගෝලීය සංවර්ධන යෝජනාවේ ඩිජිටල් සහයෝගිතා, ඩිජිටල් ආර්ථිකය, අන්තර්ජාල විකාශනය හා සාමකාමී වර්ධනය ඇතුළු තේමා පිළිබඳව මෙහිදී ගැඹුරින් සාකච්ඡා කෙරිණ. ඩිජිටල් සහයෝගය හා පොදු ජයග්‍රහණය ශක්තිමත් කිරීම, ඩිජිටල් ආර්ථික නිර්මාණශීලිත්ව වර්ධනය ඇතුළු ක්ෂේත්‍රවල පොදු එකඟතාවන්ට ද පැමිණ තිබේ.

එසේම, පොදු ඉරණමක් සහිත අන්තර්ජාල අවකාශ ඒකකය ඒකාබද්ධව ගොඩනැගීම, ගෝලීය ඩිජිටල් සංවර්ධන මාර්ගය බිහිකිරීම විවිධ පාර්ශ්වයන්ගේ ඉහළ පිළිගැනීමට ලක්ව තිබේ. එහිදී නිකුත් කෙරුණු ලෝක අන්තර්ජාල සමුළු නිල් පත්‍රිකාව මගින් අන්තර්ජාල ක්ෂේත්‍රයේ වැදගත් ප්‍රගතීන් ඉදිරිපත් කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම