චීන-ඇමරිකානු සම්බන්ධතාවේ ස්ථාවර වර්ධනය ජගත් ප්‍රජාවේ අපේක්ෂාව බව චීනය කියාසිටී
2022-11-11 20:36:15
Share with:

චීන-ඇමරිකානු සම්බන්ධතාවේ ස්ථාවර වර්ධනය ජගත් ප්‍රජාවේ අපේක්ෂාව බව චීනය පවසයි.

නුදුරේ දී පැවැත්වෙන චීන-ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ හමුව පිළිබඳව අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලි චියෙන් මහතා අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී කියා සිටියේ, චීන-ඇමරිකානු සම්බන්ධතාවේ ස්ථාවර වර්ධනය දෙපාර්ශ්වයේ යහපතට ගැලපෙන බවයි. එය ජගත් ප්‍රජාවේ අපේක්ෂාව වන බව ද ඔහු එහිදී පැවසීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී සහජීවනය, සහයෝගිතා මගින් පොදු ජයග්‍රහණ ලබාගැනීම යන තුන්වැදෑරුම් මූලධර්ම අනුව චීනය ද්විපාර්ශ්වික සම්බන්ධතා සලකා බලන බව ද චාඕ ලි චියෙන් මහතා පෙන්වා දුන්නේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම