ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් රාමුව අනුව මෙවර අයවැය සකසන බව ජනපති කියයි
2022-11-11 18:32:08
Share with:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් රාමුව අනුව මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ (10)  පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිචාර, ණය ප්‍රතිව්‍යුගත කිරීමේ ප්‍රගතිය මෙන්ම  ඊජිප්තුවේ පැවති දේශගුණික විපර්යාස සමුළුව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සභාව දැනුවත් කළේය. මෙවර අයවැය සකස් කිරීමේ දී රජයේ වියදම් පාලනය කරගැනීම සහ සෘජු හා වක්‍ර බදු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමග සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන බව ද ජනාධිපතිවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් ජපානය සහ චීනය වැනි රටවල් ලබා දී ඇති ඉලක්ක සපුරාගත යුතුය. එම කටයුතු වේගවත් කිරීමට මෙවර අයවැයෙන් පියවර ගැනේ.

 එසේම, උතුරු ප්‍රදේශය වෙනුවෙන් වෙනම සංවර්ධන සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බවත්  වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. පුත්තලමේ සිට ත්‍රිකුණාමලය දක්වා බලශක්ති සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම