40 වැනි හා 41 වැනි ආසියාන් සංගම් සමුළුව ඇරඹේ
2022-11-11 19:20:56
Share with:

40 වැනි හා 41 වැනි ආසියන් සංගම් සමුළුව කාම්බෝජයේ නොම් පෙන් අගනුවරදී අද(11) ආරම්භ වේ. ‘අභියෝගවලට එක්ව ප්‍රතිචාර දැක්වීම’ මෙවර සමුළුවේ තේමාව යි. පශ්චාත් වසංගත සමයේ ආර්ථික ප්‍රකෘතිමත් භාවය සාක්ෂාත් කිරීම, ආසියාන් සංගමයේ සාමූහික ක්‍රියාකාරී ජීවගුණය අනුගමනය කිරීම හා කලාපීය සාමය, සමෘද්ධිය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇත. වසංගතය මතුවීමෙන් පසු ආසියාන් සංගමයේ සාමාජික රටවල නායකයන් මාර්ගගත නොවන ආකාරයෙන් පවත්වන ප්‍රථම සමුළුව මෙය යි.

චීනය, ඇමරිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා කැනඩාව ඇතුළු රටවල නායකයන් මෙන්ම යුරෝපා සංගමයේ නායකයන් ද මෙම තෙදින සමුළුවට සහභාගි වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම