ද්විපාර්ශ්වික සම්බන්ධතා නිවැරදි මාවතට යොමු කිරීම සඳහා ඇමරිකානු පාර්ශ්වය තම රට සමඟ එක්ව උත්සාහ කළ යුතු බව චීනය පවසයි
2022-11-10 20:32:02
Share with:

චීන-ඇමරිකානු සම්බන්ධතා යහපත් සහ ස්ථාවර සංවර්ධනය පිළිබඳ නිවැරදි මාවතට යොමු කිරීම සඳහා ඇමරිකානු පාර්ශ්වය චීනය සමඟ ඒකාබද්ධව උත්සාහ දැරිය යුතු බව, චීනය කියාසිටී.

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා මෑතකදී ප්‍රකාශ කළේ, ජී 20 සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවන බවයි.  

මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පෙන්වා දුන්නේ, චීන සහ ඇමරිකානු නායකයන් අතර විවිධ ආකාරවලින් නිරන්තර සම්බන්ධතා පවතින බවයි.

දෙරටේ නායකයන් Bali දූපතේ දී හමුවීම පිළිබඳව ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව කෙරෙහි චීනය ඉහළ අවධානය යොමු කර ඇත. දෙපාර්ශ්වය දැනට මේ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගනිමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවන් හි හදවතයි. එකම චීනය යන මූලධර්මය චීන-ඇමරිකානු සබඳතාවල දේශපාලන පදනම යි.

ඇමරිකාව එකම චීනය යන මූලධර්මය විකෘති කිරීම නැවැත්විය යුතු අතර, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් පිළිපැදිය යුතු බව ද Zhao Lijian මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම