රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතු බව ජනපති කියයි
2022-11-10 17:31:41
Share with:

පාර්ලිමේන්තුව රැස් වන දින ගණන වැඩි කර හෝ රටේ නීති පද්ධතිය නවීකරණය කළ යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. අද (10) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව පැවසීය.

සියලුම නීති පද්ධති නවීකරණ කෙටුම්පත් මේ වසරේ දී සහ ලබන වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ඊජිප්තුවේ පැවති දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ආපසු දිවයිනට පැමිණියේ අද (10) පෙරවරුවේ යි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම