ලෝක අභියෝගයන්ට මුහුණ දීමට පොදු ප්‍රවේශයක් අත්‍යවශ්‍යයි
2022-11-10 13:57:05
Share with:

සංවර්ධනයේ දී ජනතා අභිලාෂයන් ප්‍රමුඛස්ථානයේ තැබීමේ වැදගත් නිර්ණායකය චීනය යළි වරක් අවධාරණය කර තිබීම අවධානයට ලක්විය යුත්තකි. රටක දියුණුවේ ප්‍රතිලාභ නිසැකවම ලැබිය යුත්තේ ජනතාවටය. ඒ සඳහා ජනතා සුබසාධනය ඉලක්ක කර ගත් සංවර්ධන රටාවක් අවශ්‍ය ය. එවැනි සාර්ථක රටාවක් චීනය අනුගමනය කරමින් සිටින බව විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය චන්දන කුමාර මහතා පවසයි. මෑතක දී නිමාව දුටු චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික නියෝජිත සම්මේලනයේ දී චීන ජනාධිපතිවරයා දැක්වූ අදහස්වලින් මේ බව මනාව පැහැදිලි වෙයි. ජනතාව කේන්ද්‍ර කරගත් ගමනක නිරතවීම චීනය දිගු කලක් පුරා අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තියකි. එහි සාර්ථක අත්දැකීම් ලෝකය සමග බෙදා ගැනීමට පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩ නැගීමේ සංකල්පය චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ. මෙය ඉතා වැදගත් දූරදර්ශී සංකල්පයක් ලෙසට තමන් දකින බව ද චන්දන කුමාර මහතා කියා සිටී. ‍අභියෝග රැසකට මුහුණ දී සිටින ලෝකයට යළි ප්‍රාණවත්භාවයක් ලබා දීමට මෙවැනි පොදු ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වී ඇතැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම