ඩිජිටල් තාක්ෂණ නවෝත්පාදන තුළින් ‍ගෝලීය ආර්ථික වර්ධනයට නව ජවයක්
2022-11-10 19:35:43
Share with:

ඩිජිටල් ආර්ථිකය, ‍ගෝලීය ආර්ථික වර්ධනයට නව ජවයක් එක් කරන බව 2022 ලෝක අන්තර්ජාල සමුළුවේ නිල් පත්‍රිකාව පවසයි.

චීනයේ Wuzhen හි පැවැත්වෙන 2022 ලෝක අන්තර්ජාල සමුළුව ඊයේ (9) “ චීන අන්තර්ජාල වර්ධනය පිළිබඳ 2022  වාර්තාව” සහ“ලෝක අන්තර්ජාල වර්ධනය පිළිබඳ 2022 වාර්තාව”ඇතුළත් නිල් පත්‍රිකාවක් නිකුත් කර තිබේ. ලෝකය ඩිජිටල්කරණය කරා ගමන් ගන්නා වේගය තවත් වැඩිවෙමින් පවතින බව එම නිල් පත්‍රිකාව පෙන්වා දෙයි. කොවිඩ් වසංගතය මතු වීමෙන් පසු ලෝකයේ විවිධ ආර්ථික ක්‍රියාකාරකම් අන්තර්ජාලයට යොමු වී ඇත. ඒ සමගින් දුරස්ථ වෛද්‍ය සේවා, දුරස්ථ අධ්‍යාපනය, මාර්ගගත කාර්යාල වැනි නව ව්‍යාපාර ආකෘති හා නව ආර්ථික වර්ධන ක්ෂේත්‍ර බිහි වී තිබේ.

එම නිල් පත්‍රිකාවට අනුව 2021වසරේ ලෝකයේ රටවල් 47ක ඩිජිටල් ආර්ථිකයේ අතිරේක වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 38.1 දක්වා වර්ධනය වී ඇත. එය 2020 වසරට සාපේක්ෂ ව 15.6%ක වර්ධනයකි. මේ වන විට ඩිජිටල් තාක්ෂණ නවෝත්පාදනය ගෝලීය උපායමාර්ගික කේන්ද්‍රයක් බවට පත් ව ඇත.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම