චීන වෙළඳපොළ සතු විශ්වසනීයත්වය හා අධිෂ්ඨානය යළි තහවුරු වේ
2022-11-10 21:08:16
Share with:

ජාත්‍යන්තර තලයේ පුරෝගාමී චිප් නිෂ්පාදන සමාගම් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක්වීම තුළින්, තම රටේ වෙළඳපොළ සතු විශ්වසනීයත්වය හා අධිෂ්ඨානය පිළිබිඹු වන බව චීනය පවසයි.

Intel, AMD, Qualcomm, ASML යන ලොව පු‍රෝගාමී චිප් නිපැයුම් සමාගම් මෙවර 5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක්විය. මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ Financial Times පුවත්පත වාර්තා කර තිබුණේ,  ඇමරිකාව පැනවූ චිප් ආනයන තහනම හේතුවෙන්, චීනය කෙරෙහි ගෝලීය චිප් සමාගම්වල විශ්වසනීයත්වය පිරිහී නොමැති බව යි.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(10) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, ලොව ප්‍රමුඛ පෙළේ චිප් නිපැයුම් සමාගම් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට එක්වීමෙන්, චීනයේ විභවය පිළිබඳව ඔවුන්ට ඇති විශ්වාසය මනාව පිළිබිඹු වන බවයි.

ආර්ථික බලහත්කාරකම් හා විද්‍යා තාක්ෂණ දාමරික ක්‍රියාවන්ට එරෙහිව ජගත් ප්‍රජාව සමග එක්ව විරෝධය දක්වමින්, ගෝලීය ආර්ථික ක්‍රමය, එහි රෙගුලාසි හා පදනම රැකගැනීමටත්,  ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ ආරක්ෂාව තහවුරු කිරීමටත් චීනය අඛණ්ඩව කැප වන බව Zhao Lijian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම